ලෝක ජලගැල්මක් ඇතිවිය හැකිද?
මෙම ප්‍රශ්න දෙකටම ගණිතය ආධාරයේන් පිළිතුරු සපයමු.
වැස්සෙන් ඇදහැලුණු ජලය ලැබුනේ කොහෙන්ද? ඇත්ත වශයෙන්ම වායුගොලයෙනි. පසුව ඒවාට කුමක් වීද? එම ජලය සියල්ලම පොළොවට උරාගත්තේ යැය් අපට සිතිය නොහැකිය. එසේම එම ජලය වෙනත් ග්‍රහලෝකයකට ගලා ගියේ යි අපට සිතීමට නොහැකිය. එම ජලය ගියේ යැයි සිතිය හැකි එකම ස්ථානය පෘතුවි වායුගොලයි. ජලය වාෂ්පවී වායුගොලයට එකතු විය හැකිය. එසේ නම් එම ජලය එහි මේ දක්වාම රැදී තිබිය යුතුය.
25,000 : 10,000 = 2.5 සේ.මී.
ඒ අනුව ජල මට්ටම සේ. මී. 2.5 කට වඩා ඉහල නොයා යුතුය. වායුගෝලයේ එම ප්‍රමාණයට වඩා ජාල වාෂ්ප නොමැත.
(*පෘතුවියේ සමහර ස්ථානවල එකවර සේ. මි. 2.5 ට වඩා වර්ෂණය ලැබේ. එය ලැබෙන්නේ එම ස්ථානයට ඉහලින් ඇති ජල වාෂ්පයෙන්ම පමණක් නොව සුළග ආධාරයෙන් වෙනත් ස්ථානවලින් ගලා එන ජල වාෂ්ප ආධාරයෙනි. බයිබලය අනුව "ලෝක මහා" ජල ගැල්ම එකවර මුළු පෘතුවියේම සිදුවූ නිසා ජලවාෂ්ප එක් තැනක සිට තවත් තැනකට ගලා එම සිදුවිය නොහැක.)
එසේම එම ගනකම ඇති ජල තට්ටුවක් එකතුවිය හැක්කේද පොලවට ජලය උරා නොගන්නේනම් පමණි.
ජලගැල්මක් සිදුවුයේ නම් එම අවස්ථාවේදී පතිත වූ ජල තට්ටුවේ උස අප කරනලද ගණනය කිරීමෙන් පෙන්නුම් කෙරේ. එය සේ.මී. 2.5 කි. එම නිසා මෙහි සිට කි.මි. 9ක් පමණ උසැති එවරස්ට් කන්ද දක්වා ඉතාමත් දුර බව අපට පෙනේ.ලෝක මහා ජල ගැල්මෙහි ජල තට්ටුවේ උස බයිබලය විසින් 3, 60,000 ගුණයකට මදක් අඩු වැඩි වශයෙන් වැඩි කර ඇත.
මේ අනුව ලෝක මහා "වර්ෂාපතනය" සිදුවුයේනම් එය මහා වර්ෂාපතනයක් නොව ඉතාමත් සුළු සිරි පොද වැස්සකි. දින 40ක් නොකඩවා සිදුවූ පතනයකින් ලැබුන වර්ශනය මි.මී.25ක් පමණකි. දිනකට මිලි මීටර භාගයක් පමණ වේ. සාමාන්‍ය පොද වැස්සකින් දිනකට ඊට වඩා විසි ගුණයක පමණ ජාල ප්‍රමාණයක් ලැබේ.
RSS Feed
Twitter
11:35 AM
Kasun Chathuranga
